ගත වූ පැය 24ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 85ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතරට නීති උල්ලංඝණය කිරීම් 83ක් හා වෙනත් පැමිණිලි 02ක් වාර්තා වන බවයි.
ඒ අනුව පසුගිය මාර්තු 20වනදා සිට මේ දක්වා පැමිණිලි 1206ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
එමෙන්ම මේ දක්වා කාලය තුළ නීති උල්ලංඝණය කිරීම් 1145ක් සහ ප්රචණ්ඩ ක්රියා 06ක් වාර්තා වන බව එම කොමිෂන් සභාව නිවේදනය කරනවා.
(rednewsalert.lk)