පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1ට පමණ රික්ටර් මාපක 5.3ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදුවූ අතර ජම්මු සහ කාශ්මීරයේ සමහර ප්‍රදේශවලටද ඉන් දැඩි කම්පන දැනී ඇති බවයි.

භූ කම්පනයෙන් පසු පාකිස්ථාන අගනුවරට කිසිඳු හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

(rednewswalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *