ඊයේ (14) රාත්‍රීයේ මිහින්තලය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැල්ලමොරාණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම අනතුර සිදු වූයේ ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙනුයි.

රියදුරුට රථය පාලනය කරගත නොහැකිවීම අනතුරට හේතුව බව මින්තලය පොලීසිය ප්‍රකාශ කළා.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන අනුරාධපුර සහ පළුගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *