පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මරණ පවා ඇති විය හැකි අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් දීර්ඝ කාලීන රෝග සහිත පුද්ගලයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ද මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළා.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ හේතුවෙන් කුඩා දරුවන් හා වැඩිහිටියන් තාපයට නිරාවරණය වීම වැළැක්විය යුතු බවයි.

එමෙන්ම කුඩයක් පාවිච්ක්චි කිරීම අනිවාර් යය බවද ඔහු ප්‍රකාශ කළා.

ඊට අමතරව ලා පැහැති ඇඳුම් ඇදීම, නිතරම ජලය පානය කිරීම වැනි කරුණුද මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *