වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685කින් බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31ක අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ගිය වසරේ රිය අනතුරු 713කින් 744 දෙනෙක් මියගොස් තිබුණා.

මේ අතර උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105 දෙනෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 103කින් බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ එම කාලය තුළ රිය අනතුරු 934 සිදුව ඇති බවයි.

පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 23ක අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *