එක්සත් ජනපද මාධ්‍යවේදී Evan Gershkovich ඔහුගේ ඔත්තු බැලීමේ නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අද (26) උදෑසන Yekaterinburg හි රුසියානු අධිකරණයට පැමිණ තිබෙනවා.

ඔහුව මාස 15කට ආසන්න කාලයක් මොස්කව් සිරගෙදර සිර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාර්තාකරණ චාරිකාවක නිරතව සිටියදීයි.

Gershkovich ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) වෙනුවෙන් Yekaterinburg අසල රුසියානු ටැංකි නිෂ්පාදකයෙකු පිළිබඳ රහසිගත තොරතුරු රැස්කර තිබූ බවට එල්ල වන චෝදනාවක් මත ඔහුට නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *