පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 27වන ඉරිදා යොදාගෙන තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු 418,985ක් ලැබුණු බවයි.

ඉන් 92%ක් හෙවත් පැකට්ටු 384,923ක් බෙදා අවසන් බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර සෙසු තැපැල් ඡන්ද පැකට්ටු සහ මේ මස 21වනදා ලැබීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා ඉදිරි දිනවලදී බෙදා අවසන් කිරීමට නියමිතයි.

(rednewsaler.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *