පසුගිය වසර 10 තුළ ආණ්ඩු 2ක් විසින් පාර්ලිමේන්තුවේ සිඳු කර ඇති වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව විගණනයක් සිඳු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කඩිනම් විගණන වාර්තාවක් ලබාදෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් විගණකාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.