මේ දිනවල ප්‍රදේශ රැසක පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවන් හරහා චිකන්ගුන්‍යා රෝගයද ව්‍යාප්ත වන බවයි.
දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් ඒ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිඳු කර ගැනීමේ හැකියාව මඟ හැරී ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.