පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6ක් සපිරෙනවා.
ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් වූ පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසක දේව මෙහෙයන් සංවිධාන කර තිබෙන අතර ප්‍රධාන සැමරුම් උත්සවය අද කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මියගිය පිරිස් සිහිපත් කර අද උදෑසන 8. 45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දී තිබුණා.
පාස්කු ප්‍රහාරයෙන් දේවස්ථානවලදී මියගිය බැතිමතුන්, විශ්වාසයේ විරුවන් හෙවත් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය අද පළමු වරට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අද පස්වරුවේ කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්තානයේ පැවැත්වෙන දේව මෙහෙයේදීයි.
2019 වර්ෂයේ අද වැනි දිනක මෙරට අඳුරු වළාවකින් වැසී ගියේ, පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වූ කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත්‍ර ප්‍රහාර හේතුවෙන් වන අතර මෙරට දේවස්ථාන 3ක්, කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 272ක්.
තවත් පිරිසක් අබාධිතයින් බවට පත් වූ අතර පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6 ක් පිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානවලදි පැවැත්වෙන විශේෂ දේව මෙහෙය වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව රථවාහන ගමනාගමනය ද සීමා කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට වෙරළබඩ පොලිස් වසමේ පිහිටි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් පවත්වා අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සැලැසුම් කර ඇති බවයි.
(rednewsalert.lk)