සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබී තිබෙනවා.
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් කළේ එය පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ ආදායමට සාපේක්ෂව 15% වැඩි වීමක් බවයි.
පසුගිය 10වනදා සිට 19වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බව කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය සඳහන් කළා.
ඔහු කියා සිටියේ එම කාලය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවයි.
(rednewsalert.lk)