සිරි දළදා වන්දනාව සිව්වන දිනය අදට යෙදී තිබෙනවා.

සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම තුන්වන දිනය වන ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසක් වන්දනාමාන කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර සිරි දළදා වන්දනාව සිදුවන කාළය තුළ මහනුවර නගරයේ වෙළෙඳසැල් තුළින් සිදු කරනු ලබන අකටයුතුකම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් නිරන්තරයෙන් කටයුතු කරන බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *