මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ඔවුන් දැනුම්දෙන්නේ ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ඒ සඳහා යොදා ගත හැකි බවයි.
එමෙන්ම ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපියද පිළිගත් ලියවිල්ලක් වනවා.
තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා ආරම්භ වන අතර 25, 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්ද සළකුණු කිරීමට හැකියාව පවතීයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ ඒ අනුව පළාත් පාලන ආයතන 339ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කර ඇති බවයි.
(rednewssalert.lk)