මාතර බන්ධනාගාරයේ ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් පසු එහි රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට මාතර බන්ධනාගාරය පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට රැඳවියන් 250කට අධික සංඛ්‍යාවක් මාරුකර යවා ඇති අතර අද දින තවත් පිරිසක් මාරු කර යැවීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම මාතර බන්ධනාගාරයේ රැඳවියන් 506ක් සිටින අතර ඊට කාන්තා රැඳවියන් 26ක් ඇතුළත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *