හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුවී තිබෙනවා.
මෙම හමුව පැවැත්වී තිබුණේ ඊයේ (22) පස්වරුවේ විජේරාම නිල නිවසේදීයී.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෞරවයෙන් සිහිපත් කර සිටියා.
(rednewsalert.lk)