ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වන්දනාවට පාත්‍ර වන සිරි දළදා වන්දනාව 7වන දිනටත් අද ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අදත් පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් ආරම්භ වීමට නියමිතයි.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (23) රාත්‍රියේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින සිරි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *