අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ 04 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ 04 ප්‍රධාන මාර්ගයේ තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී ඊයේ (23) පස්වරුවේ සිදු වූ අනතුරකින් මෙය සිදු වූ බවයි.

අනතුර වූ අවස්ථාවේ කාර් රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා සිඟිති දැරියක් සිට ඇති අතර දැරිය තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.

මියගිය දැරිය වයස මාස 09ක් වූ අට්ටාලච්චේන 05 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තිරුක්කෝවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *