ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේදී සිදුවූ වෙඩි තැබීමකිනුයි.

එදින රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

පොලීසිය ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *