මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම දෙවන දිනයටත් අද ක්‍රියාත්මක වනවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඒ අනුව අද (25) දිනයේ මෙන්ම අප්‍රේල් 28 සහ 29 යන දෙදින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.

රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. ‍

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවයි.

කෙසේ වෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

එමෙන්ම සිරි දළදා වන්දානවේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *