පාකිස්ථානයේ ලාහෝර් හි පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපළේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන්තොටුපළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

පාකිස්ථාන හමුදාවට අයත් ගුවන් යානයක් ගොඩබෑමෙදී එහි ටයරයක් ගිනි ගෙන ඇති අතර ඉන් මෙම ගින්න හට ගෙන ඇති බව ගුවන්තොටුපළ බලධාරීන් සැක පළ කරනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ යොදා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *