සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින ලෙස බලපෑම් කිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය පවසනවා.

එහි සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු සඳහන් කළේ ආණ්ඩුවේ මෙම අත්නනෝමතික තීරණය නීති විරෝධී ක්‍රියාවක් බවයි.

එමෙන්ම විභාගයට අනිවාර්යයෙන් සහභාගී වන ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් මඟින් සම සෞඛ්‍ය උපාධිධාරින්ට බලපෑම් එල්ල වන බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ මෙවැනි විභාග සම සෞඛ්‍ය උපාධිධාරින් බඳවා ගැනීමේදී සිදු කළ යුතු බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *