2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීති උල්ලංඝණය කිරීම් 199ක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ ප්‍රචණ්ඩකාරී සිඳුවීම් හා වෙනත් පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති බවද එම කොමිසම සඳහන් කළා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට අප්‍රේල් 26වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 18ක්, නීති උල්ලංඝණය කිරීම් 2,831ක් ඇතුළු පැමිණිලි 3,053ක් ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *