නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28) උදෑසන 10.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනකදී ඒවා විනාශ කිරීමට නියමිත බවයි.

ඒ අනුව අද උදැසන 7ට මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසිය විසින් භාරයට ගෙන අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *