යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බවයි.

දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම ලබන මැයි මස 07වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.

එහිදී දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමඟ ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *