පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම තුන්වන දිනයටත් අද (28) ක්‍රියාත්මක වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ ඒ අනුව පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේදී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති බවයි.

එමෙන්ම තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ ඒ අනුව පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,053ක් බවයි.

එමෙන්ම ලැබී ඇති සමස්ත පැමිණිලි 3,053න් 2,491ක් මේ වන විටත් නිරාකරණය කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *