මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්ථාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පියවර ගත් බවයි.

කාශ්මීරයේ පෙ‍හෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාව තුළ තහනමට ලක්වූ පාකිස්ථාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්ථාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ගේ නාලිකා ද ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරට්ත් වාර්තා කරනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *