ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇති බවයි.

විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුවී තිබෙනවා.

ස්පාඤ්ඤය පවසන්නේ, විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බවයි.

මේ අතර, පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් සමාගම පවසනවා.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම හමුවේ මෙට්‍රෝ සේවා සැපයුම්වලට ද බාධා එල්ල වී ඇති අතර මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *