ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස් වූ එම ධූරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් කොන්ක්ලේව් ක්‍රියාවලිය ලබන මැයි මස 07වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කරනවා.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරු ගණන 135ක්.

කාදිනල්වරු 53ක් යුරෝපයෙන්ද, 23ක් උතුරු ඇමරිකාවෙන්ද, 18ක් අප්‍රිකාවෙන්ද, 17ක් දකුණු ඇමරිකාවෙන්ද, 4ක් ඕෂනියාවෙන්ද මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩු විය යුතු වන බවයි.

වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම ලොව වඩාත්ම රහසිගත ඡන්දය ලෙස සැලකෙනවා.

එමෙන්ම ඒ වෙනුවෙන් ඊයේ සිට සිස්ටීන් දෙව් මැදුර වසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *