ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තු නිවේදනය කරන්නේ අද (29) මධ්‍යහන 12.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *