කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ දී කේරල ගංජා උර 8ක තිබී පාර්සල් 147ක් සොයා ගැනීමට හැකිවූ බවයි.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 322කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන් 22, 39 හා 49 යන වයස් සීමාවල පසුවන සක්කෝට්ටේ සහ ඇන්ටනීපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *