139 වැනි ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.
1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහා වන අතර අද සිහිපත් කරන්නේ ඒ සටනේ ජයග්රහණයි.
ලෝකයේ මහා නිමැවුම් කෙරුණේ වැඩ කරන මිනිසුන්ගේ දෑතින්. අධිවේගී පාරවල් නිර්මාණය වූයේ , මහා වරායන් ගොඩ නැගුනේ, අහස උසට විසල් ගොඩ නැගිලි ඉදිවූයේ , නව නිපැයුම් නිමැවුනේ, කම්හල් වැඩ බිම්වල දහඩිය හෙලන වැඩකරන ජනතාවගේ අතනි.
නමුත් රටක් ජාතියක් ගොඩ නංවන්න දිවා රෑ වෙහෙසෙන වැඩ කරන ජනතාව වැඩි වැඩියෙන් කථා කරන්න පටන් ගත යුතු වනවා.
(rednewsalert.lk)