ව්‍යාජ පෝලන්ත වීසාවන් සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) දිනයේයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31ක් හා 38ක් වන දෙමෝදර හා බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (01) දින මීගමුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
(rednewsalert.lk)