වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *