විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ විශ්වවිද්‍යාල මට්ටමින් එම කටයුතු සිදුවන බවයි.

විශ්වවිද්‍යාලවල අත්‍යවශ්‍ය අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු 2000ක් පමණ පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙනවා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රමුඛතාව මත එම පුරප්පාඩු සම්පූර්ණ කරන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *