මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ දිවයිනේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50%කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තාවී ඇති බවද කොළඹ මහනගර සභාව පවසන්වා.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන සඳහන් කළේ එම සංඛ්‍යාවෙන් 1,800ක ප්‍රමාණයක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වර්තා වී ඇති බවයි.

එමෙන්ම ඩෙංගු අවදානම සහිත නිවාස 70,000ක් පරීක්ෂ කර ඇති අතර නිවාස 471කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව
වෛද්‍ය ගීතිකා රත්නවර්ධන තවදුරටත් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *