උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව වාර්තා වී තිබෙනවා.

එම ජල කාන්දුව අධික වර්ෂාව පවතින දිනවල දී දැක ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ.

එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන පැවසූවේ අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බව බවයි.

1921 වසරේ දී ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර මෙම ආරුක්කු 9 පාලම ඉදිකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *