ඉරානයේ අනුග්‍රහය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයටයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් අනතුරුව එම ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *