දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්, අද(05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන්, ඊයේ(04) අත්අඩංගුවට ගත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

පොලීසිය සඳහන් කළේ, එම සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන බවයි.

ඔවුන් අත්අඩංගුවට පසුගිය 29වැනිදා සමනලවැව පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදීයි.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන්, පාර්ශ්ව කිහිපයකින් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *