2025 පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එය පස්වරු 4ට අවසන් වීමට නියමිත අතර මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8287දෙනෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙනුයි.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව, 13,759ක්.

ඒ සඳහා ඡන්දදායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.

එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් නියෝජනය කරමින් පළාත් පාලන ඡන්ද විමසීමට තරඟ වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 75,589ක්.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ, උදෑසනින්ම ගොස් ඡන්දය සලකුණු කරන ලෙසයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *