බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *