අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 344ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379ක් ලෙස සටහන් වනවා.

එසේම ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නොමැති අතර එහි මිල රුපියල් 314ක්ව පවතිනවා.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 355ක් ලෙසයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *