විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එහිදී සඳහන් වන්නේ විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දරගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වීමත් සමඟ එම තනතුර සඳහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කර ඇති බවයි.

ඇය, මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *