කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වනවා.

එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ජාතික වෙසක් සතිය ලබන 16වනදා දක්වා ක්‍රියාත්මක වන අතර මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහය ලැබී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා.

එමෙන්ම ජාතික වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් හා මස් අලෙවිසැල් වසා තබන අතර නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 13වනදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *