රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් පැවසුවේ මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බවයි.

ගුවන් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කොළඹ වැල්ලම්පිටිය , දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *