කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත්භාවයද නැතිනම් බස් රථයේ තිබූ යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මෙම අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය විසින් විමර්ශන සිඳු කරන බවයි.
මේ වන විට එම අනතුරින් පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුළත්ව පුද්ගලයින් 21 දෙනෙක් මිය ගොස් තිබෙනවා.