ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් පිළිගත් බවයි.

සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිව්දින සංචාරයක් සඳහා එක්ව සිටින ඇමරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඇමරිකාව තුළ සැලකිය යුතු ලෙස නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තාහී සඳහන් කළා.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *