මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් 34.8%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි.

ඒ අතරින් 64%ක් ඒ සඳහා ඖෂධයක් භාවිතා නොකර බවටද හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *