පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ එම තොරතුරු ලැබීමෙන් අනතුරුව සභිකයන්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම්දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *