ඉන්දියාවේ Behindwoods Gold Icon සම්මාන උළෙලේදී 2024 වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණට හිමිවී තිබෙනවා.

එම සම්මාන උළෙල දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන උළෙලක් වන අතර එහිදී සිනමාව, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සම්මාන ප්‍රධානය කරනු ලබන බවයි වාර්තා වන්නේ.

IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින මතීෂ, මෙම වසරේදී මෙන්ම පසුගිය 2023 වසරේ පැවැති IPL තරගාවලියේදී සමස්ත ඉන්දියාවේම ආකර්ෂණීය ක්‍රීඩකයෙකු බවට පත්වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *