එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා නීතිවිරෝධී බව සඳහන් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම අභියාචනා පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලා ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 17 වනදා තෙක් කල් තැබුණු බව වාර්තා වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *